FAST NEWS

24×7 Around the Globe

තිරිමාන්න එළියට උපනායකත්වය හේරත්ට.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා හෙට පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට රංගන හේරත් පත්කොට තිබේ.

ඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේය.

එසේම තරිඳු කෞෂාල්ද හෙට තරගයෙන් විවෙක ගන්වා තිබෙන අතර ඒ වෙනුවට දිල්රුවන් පෙරේරා කණ්ඩායමට කැඳවූ බවත් ඇන්ජලෝ මැතිව්ස් අද (21දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.