FAST NEWS

24×7 Around the Globe

හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට

(ෆාස්ට් නිව්ස් | දකුණු කොරියාව) –  හයිෂෙන් සුළි කුණාටුව මේ වන විට දකුණු කොරියාවට ඇතුලු වී තිබෙන බව  විදෙස් මාධ්‍ය පවසයි.   

එරට දෙවන විශාලතම නගරය වන බූසාන් නගරයට උතුරින් පිහිටි උල්සාන් නගරයට එය කඩා වැදී ඇත.

ගුවන් තොටුපළ 10 ක පමණ ගුවන් ගමන් වාර 300 ක් මේ හේතුවෙන් අවලංගු කර තිබෙන අතර අවට ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.