(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසර 2022දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාම යාමෙන් පසු ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත් වනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විටද බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම සඳහා මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම ඉවත්වීමට සුදානමින් සිටී.









