FAST NEWS

24×7 Around the Globe

මීළඟ වසංගතයට දැන් සිටම සූදානම් වෙමු – WHO

(ෆාස්ට් නිව්ස් | ස්විට්ස්ටර්ලන්ඩ්) – මීළඟ වසංගතය සඳහා ලෝකය වඩා හොඳින් සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කර සිටියි.

ඒ සඳහා සියළු රටවල් මහජන සෞඛ්‍ය උදෙසා සිදුකෙරෙන ආයෝජන ඉහළ නැංවිය යුතු බවත් ටෙඩ්‍රොස් සඳහන් කර සිටී.

ඔහු මේ අදහස් පළකර සිටියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ගෝලීය වශයෙන් මිලියන 27.2 කට වැඩි පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

2019 දෙසැම්බර් මාසයේ දී මුල්ම කොරෝනා වෛරස ආසාදිතයා චීනයෙන් වාර්තා විය.

එමෙන්ම, කොවිඩ් 19 ගෝලීය වසංගතය මිහිපිට වාර්තා වන අවසන් වසංගතය ලෙස සැලකිය නොහැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානිියා කියා සිටියේය.