FAST NEWS

24×7 Around the Globe

‘අම්මලාට ආස කොල්ලෝ’ ෆේස් බුක් පිටුවේ හිමිකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දැඩි සේ විවේචනයට ලක් වූ ‘අම්මලාට ආසා කොල්ලෝ’ සමූහය පවත්වාගෙන ගිය එහි ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වෙයි.

මෙම සමූහයේ සාමාජිකයෝ 5600ක පමණ පිරිසක් සිටින බවද හෙළිව ඇත.

සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් මෙම ෆේස්බුක් සමූහය පිළිබඳව එම අංශය විසින් සිදුකළ විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මෙම සැකකරු 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකි.

මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා මීට වසරකට ඉහතදී පොලිස් සේවයට බැඳී ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු ගම්පහ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිට ඇති අතර ඔහු අවිවාහකයකු අයෙකු වේ.

 

.