FAST NEWS

24×7 Around the Globe

ඉහළින්ම වැජඹෙන නළුවන් හය දෙනක් මහාපරිමාණ මත්කුඩු ජාවාරම්වල

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  බොලිවුඩයේ ප්‍රධාන නළුවන් 6 දෙනකු මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ යෙදී සිටින බවට වැදගත් තොරතුරු රාශියක් ඉන්දීය පරීක්ෂණ අංශ විසින් හෙළිදරව් කරගෙන ඇති බව වාර්තා වෙයි.  

සිය දිවි නසාගත් බොලිවුඩ් සුපිරි නළු සුශාන්ත් සිං රාජ්පුත් සම්බන්ධ පරීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය කරගැනීමට ඉන්දීය විමර්ශන අංශවලට හැකියාව ලැබී ඇත.

මෙහිදී කුඩු ජාවාරමට අමතරව බොලිවුඩ් නළුවන් සම්බන්ධව සිටින වෙනත් ජාවාරම් රැසක්ද හෙළිදරව් කරගැනීමට මෙම විමර්ශන කණ්ඩායම් සමත්ව සිටියි.

ඉන්දියාවම වසඟයට ගත් මෙම බ‌ොලිවුඩ් නළුවන් හය දෙනා ලංකාවේ සිනමා රසිකයන් අතරද විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින අය බවට වැඩිදුරටත් වාර්තා වෙයි.