FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවෙන් දිනකදී කොවිඩ් ආසාදිතයන් 82,860 ක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 82, 860 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.   

එය මෙතෙක් රටකින් එක් දිනයකදී සටහන්වූ වැඩිම ආසාදිතයන් ගණනද වෙයි.

ගතවූ පැය 24 තුළ අමෙරිකාව , බ්‍රසීලය සහ ඉන්දියාවෙන් 1000 ඉක්මවූ කොරෝනා මරණද සටහන්වී තිබේ.