පළා පොළොං මවක් පැටවුන් 19 දෙනෙකු බිහි කරයි.

පළා පොළොං මවක් පැටවුන් 19 දෙනෙකු බිහි කරයි.

කන්නෙලිය රක්ෂිත වනාන්තරය ආශ්‍රීතව සතුන් පිළිබඳ පර්යේෂණවල නිරතව සිටින තරුණ සත්ව පර්යේෂකයෙක් වන විෂාන් පුෂ්පමාල් මහතා විසින් පර්යේෂණ කටයුතු අතරතුර පළා පොළොං මවක් පැටවුන් 19 දෙනෙකු බිහි කර තිබෙනවා.

මෙලෙස බිහි කරන ලද පැටවුන් 19 දෙනාගෙන් දෙදෙනෙකු උපතේදී මියගොස් තිබෙනවා. ඉතිරි 17 දෙනා මේ වන විට ඉතාමත් නිරෝගීව සිටින බවයි විශාන් පුෂ්පමාල් මහතා පැවසුවේ. කන්නෙලිය ආසන්නයේ නිවසක ගෙවත්තේ සිටියදී මෙම පලා පොළොං මව හමු වූ බවද ඔහු පවසනවා.

පර්යේෂණ කටයුතු කරගෙන යාමේදී පලා පොළොං මව ගැබ්බරව සිටි බවත් ඒ අනුව පැටවුන් ලැබුණුවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. මෙම පැටවුන් වැඩුණු පසුව කන්නෙලිය රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. එසේම විෂාන් විසින් පර්යේෂණය සඳහා යොදාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවට ආවේනික පලා පොළොං විශේෂයකි.