FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් කුඩු සඳාගේ ඇත්ත[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු කාන්තාවක් අද(02) උදෑසන වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේය.

පස්දරු මවක් වන ‘තොටළඟ කුඩු සඳා’ නමින් හැඳින්වෙන ඇය, කුඩු ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගත්තේ නව කොළොන්නාව ප්‍රදේශයේදීය.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිව ඇත්තේ බ්ලුමැන්ඩල් සංඛට අයත් මෙම මත්ද්‍රව්‍ය, චූටි පුතා නම් ජාවාරම්කරු මගින් මෙම කාන්තාවට ලැබී ඇති බවයි.

ඇයගේ නිවසේ තිබී බැංකු කාඩ්පත් අටක් ජංගම දුරකථන හතක් සහ මත්ද්‍රව්‍ය කිරීමට යොදා ගන්නා තරාදියක් සහ මුදල් ද සොයාගෙන තිබේ.