FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය හිටපු ජනපතිගේ අභාවය වෙනුවෙන් ශෝක කාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (31) ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මියගියේය.

මියයන විට ඔහු 84 වන වියෙහි පසු වු අතර ඔහුට කොවිඩ්-19 රෝගයද වැළදී තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු රජය විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇත.

මෙම කාලය තුළ සියලු විනොද්ස්වාද ක්‍රියාකරකම් තාවකාලික අත්හිටුවා ප්‍රාන්ත ධජ අඩකුඹු කර තබන ලෙස එරට රජය විසින් සියලු ප්‍රාන්ත වෙත දැනුම් දි තිබේ.