FAST NEWS

24×7 Around the Globe

මිහිතලයේ වැඩිම උෂ්ණත්වය ඇමෙරිකාවෙන්

(ෆාස්ට් නිව්ස් |ඇමෙරිකාව) – ඉතිහාසයේ මෙතෙක් මිහිතලය මත වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ඇමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

ඒ කැලිෆෝනියාවේ ඩෙත්වැලි ජාතික උද්‍යායෙනි.

ඇමෙරිකානු ජාතික කාලගුණ සේවා ආයතනය පැවසුවේ ඊයේ (17) දිනයේදී එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4කි. එනම් ෆැරන්හයිට් 130ක අගයක් වේ.

මින්පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය වාර්තා වුයේ 2013 දී ඩෙත් වැලි ප්‍රදේශයෙනි.ඒ සෙල්සියස් අංශක 54ක උෂ්ණත්වයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.