FAST NEWS

24×7 Around the Globe

ලොව වයස්ගතම පැන්ඩා 38 සමරයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | චීනය) –  ලොව වයස්ගතම පැන්ඩා සිය 38 වැනි ඡන්ම දිනය සමරා තිබේ. 

චීනයේ චොන්කිංහී සත්වෝද්‍යානයක මෙම ඡන්ම දින සැමරුම පැවැත්විණ.

වර්ෂ 1982 සීචෝන් පළාතේ වනාන්තරයක උපත ලබා ඇති මෙම ගැහැණු පැන්ඩා සත්වයා ලොව වයස්ගතම පැන්ඩා ලෙස සැලකෙන අතර මිනිස් වයසින් ඇයට අවුරුදු 110 කට වඩා වැඩි බව ගණන් බලා තිබේ.

ඇතැම් අවස්ථාවල හට ගන්නා අධික රුධිර පීඩන තත්වයක් හැරුණු කොට ඇය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව  සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.