FAST NEWS

24×7 Around the Globe

චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රසීලයේ සිට චීනයේ දකුණු දිග නගරයක් වන ෂෙන්සෙන් වෙත ගෙනයන ලද ශීත කළ කුකුළු මස් තොගයක කොරෝනා වයිරසය හමුවී ඇති බවට චීන රජය පවසයි.

එම කුකුළු මස් තොගයෙන් ලබාගත් මතුපිට සාම්පල පරීක්ෂා කිරීමේදී දේශීය රෝග පාලන මධ්‍යස්ථානය විසින් මේ බව සොයාගෙන ඇති බවට වාර්තා වේ.

තවද ඉක්වදෝරයෙන් ආනයනය කළ ශීත කළ කූනිස්සන් ඇසුරුම් පරීක්ෂා කිරීමේදී ද කොවිඩ් – 19 ඇති කිරීමට හේතුවන කොරෝනා වයිරසය හමුවූ බව ඔවුහු පවසති.

චීන බලධාරීහු පවසන්නේ මෙම තත්ත්වය යටතේ ආහාර අපනයනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

සියලු වරායන්හි පරීක්ෂාකිරීම් වේගවත් හා සූක්ෂම ලෙස සිදුකළ යුතු බවට ද ඔවුන් අවධාරණය කර තිබේ.

පසුගිය ජුනි මාසයේදි ආහාර සුරක්ෂිතතා අවදානම තක්සේරු කිරීමේ චීන ජාතික මධ්‍යස්ථානය කියා සිටියේ ශීතකළ ආහාර මගින් වයිරසය ආසාදනය වීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි.

කෙසේ වුවද සෙල්සියස් අංශක සෘණ 20ක උෂ්ණත්වයක වසර දෙකක් පමණ වයිරස නොනැසී පැවතිය හැකි නමුත් කොරෝනා වයිරසය ශීත කළ ආහාර හරහා පැතිර යා හැකි බවට මෙතෙක් ප්‍රබල සාක්ෂි හමුවී නොමැති බව විද්‍යාඥයෝ පවසති.