FAST NEWS

24×7 Around the Globe

ජේෂ්ඨයින් රැසකට අමාත්‍ය ධුර අහිමි වීමට හේතුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර කැබිනට් මණ්ඩලයට අමාත්‍ය ධුර පිරි නැමීමේදී ජේෂ්ඨයින් රැසකට අමාත්‍ය ධුර අහිමිව ගොස් තිබේ.

එසේ ජේෂ්ඨයින්ට අමාත්‍ය ධුර අහිමි වෙද්දී නාමල් රාජපක්‍ෂහට අමාත්‍ය ධුරයක් ලබා දීම පිළිබඳවද බොහෝ දෙනෙක් කතා බහ කරයි.

කෙසේ වෙතත් මෙවර අමාත්‍ය ධුර අහිමිවූ ජේෂ්ඨන් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා,විජේදාස රාජපක්‍ෂ, රංජිත් සියඹලාපිටිය, ජෝන් සෙනෙවිරත්න,චන්දිම වීරක්කොඩි ,ඩිලාන් පෙරේරා ,එස් බී දිසානායක, මහින්ද යාපා අබේවර්ධන යන අය වෙති.

මෛත්‍රිපාල සිරිසේන මහතා හට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි වනු ඇති බවට වාර්තා පළවී තිබුණද ඒ මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර නොගැනීමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

එසේම විජේදාස රාජපක්‍ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නද එය ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

මේ අතර නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා මන්ත්‍රීවරයා පත්වනු ඇතැයිද වාර්තාවේ.

එසේම තවත් කැබිනට් අමාත්‍ය ධුර 2කට හා රාජ්‍ය අමාත්‍ය ධුරයකට මන්ත්‍රීවරුන් පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ පවති.