FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ ඕක්ලන්ඩ් දින 3 කට වසා දැමෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – නවසීලන්තයේ විශාලතම නගරයක් වන ඕක්ලන්ඩ් දින 3 ක කාලයක් සඳහා වසා දමන බවට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් නිවේදනය කරනු ලැබීය.

ඒ, දින 102 කට පසු කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු සොයා ගැනීමත් සමඟයි.

මීට අමතරව ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි හාර ලක්ෂ 92,961 ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් ඇමරිකාව, බ්‍රසීලය සහ ඉන්දියාවේ දෛනික ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතියි.