FAST NEWS

24×7 Around the Globe

ඇමති ධූර ගැන අලුත් ආරංචි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව අමත්‍ය මණ්ඩලය හෙට(12) පෙරවරුවේදී මහනුවර මගුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතය.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී මුදල් අමාත්‍යධූරය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යධූරය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එසේම බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගනු ඇතැයි විශ්වාස කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වේ.

එමීට පෙර දැරූ අමාත්‍යංශ වල රාජකාරිය නිසි පරිදි ඉටු කළ බොහෝ දෙනෙකුට යළිත් එම අමාත්‍යාංශයම භාර දීමට නියමිතය.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන මහතාට විදේශ ඇමැති ධූරයද , පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට සෞඛ්‍ය අමාත්‍යධූරයද , චමල් රාජපක්ෂ මහතාට වාරිමාර්ග ඇමැතිධූරයද , මහින්දානන්ද අලුත් ගමගේ මහතාට කෘෂිකර්ම ඇමැතිධූරයද , ප්‍රසන්න රණතුංග මහතාට සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැතිධූරයද , කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ජනමාධ්‍ය ඇමැතිධුරයද , ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාට අධිකරණ ඇමැතිධූරයද හිමි වනු ඇති බව වාර්තාවේ.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාට ක්‍රීඩා ඇමැතිධූරයද යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

තවද ආචාර්ය නාලක ගොඩහේවා , ආචාර්ය සරත් වීරසේකර සහ ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ටද ඇමැතිධූර ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තාවේ.