FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදා තනිවම හිරබත් කන්න බෑ කියයි.

මරණ දඬුවම නියම වූ ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ අංක 101 සිරමැදිරියේ රඳවා ඇති අතර ඔහු සිටින සිරමැදිරිය තහනම් ප්‍රදේශයක්‌ බවට පත්කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

සිරමැදිරියට ඇතුල් කිරීමෙන් පසු වෙලේ සුදා බන්ධනාගාර නිලධාරියකුට කතාකර “අනේ සර්… මේ සිරමැදිරියේ මට තනිවම ඉන්න බැහැ… තවත් දෙන්නෙක්‌ මේ සිරමැදිරියට දමන්න” යයි ඉල්ලා තිබේ.

කෙසේවෙතත් මෙම ඉල්ලීම අදාළ නිලධාරියා ප්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තාවේ.