(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට සිරිකොතේදී රැස්ව තිබේ.
ඒ පක්ෂනායකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.
මෙහිදී නව නායකත්වය සඳහා කරූ ජයසුරිය මහතාගේ නම යෝජනා කිරීමට පිරිසක් සුදානමින් සිටින බව වාර්තා වේ.
ඒ සඳහා බහුතර කැමැත්ත ලබා ගැනීමට හැකිවනු ඇති බවද ඔවුන් විශ්වාස කරයි.
කෙසේ නමුත් වත්මන් පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා එම තනතුර අත්හැරීමට සුදානමක් නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ නිසා නව පක්ෂ නායකත්වය සම්බන්ධ මාතෘකාව පැමිණී විට නම් කිහිපයක් ඒ සදහා යෝජනා කොට අර්බූදයක් ඇති කර එය කඩාකප්පල් කිරීමේ සැලසුමක් පවතින බවද වාර්තා වේ.









