FAST NEWS

24×7 Around the Globe

ඩුබායි – අජ්මාන්හි හටගත් දැවැන්ත ගින්න මැඩපවත්වයි

(ෆාස්ට් නිව්ස් | ඩුබායි) –  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක ඊයේ (05) හටගත් දැවැන්ත ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  

ඒ සඳහා ඩුබායි, සාජා මෙන්ම අල් – කුවයින් නාගරික ගිනි නිවීමේ සේවා එක්වූ බව කාලීජ් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කළේය.

පළතුරු සහ එළවළු අලෙවි කරන ස්ථානයක ගින්න ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානියක් පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණයක් වාර්තාකර නොමැත.