FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැතිටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු වන අමිත් ෂා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය පක්ෂයේ නායකයා ද වෙයි.

ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගනු ලැබුවේද අමිත් ෂා අමාත්‍ය ධුරය හොබවන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි.

මේ වනවිට නව කොරෝනා වයිරස වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති තෙවැනි රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලයට පසු ඉන්දියාවෙන් වාර්තා වන වෛරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.7 ඉක්මවයි.