FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධී මත්පැන් පානයෙන් ඉන්දියාවේ 86ක් මිය යයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ මත්පැන් පානය කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙකු මියගොස් ඇති බව උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නිලධාරීහු පවසති.

ඊයේ(01) පොලීසිය විසින් වැටලීම් 100 කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති අතර, 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දින කිහිපය තුළ මියගිය සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විෂ සහිත මධ්‍යසාර පානය කිරීමෙන් ඉන්දියාවේ සෑම වසරකම සිය ගණනක් මිනිසුන් මිය යයි.

නීතිවිරෝධී මත්පැන් තොග වශයෙන් නිපදවා මාර්ග අසල ප්‍රාදේශීය ජනතාවට බෙදා හැර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.