FAST NEWS

24×7 Around the Globe

සම්පායෝ අත්අඩංගුවට ගන්න අළුත් ක්‍රමවේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට වරෙන්තු නිකුත් කර ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට පොලීසිය විකල්ප ක‍්‍රමවේදයක් භාවිත කරන බව වාර්තා වේ.

ඒ අනුව ඔහුගේ ඥාතීන්ගේ පිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප‍්‍රශ්න කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් මුදා හැරි බව පොලීසිය පවසයි.

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරීවරයාගේ පවුලේ සමීප ඥාතීන් පිරිසක් මෙලෙස ගෙන්වා ගෙන ප්‍රශ්න කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් කිහිප දෙනෙකුට පහසුකම් සැලසීමට එරෙහිව එම බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු සිව් දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට භාරවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු මීගමුව බන්ධනාගාරයේ හිටපු ප‍්‍රධාන ජේලර්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටයි පියවර ගැනුණු අතර මෙලෙස වැඩ තහනම් කළේ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප‍්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්නගේය.

කෙසේවෙතත් වරෙන්තු නිකුත් කර දින 8 ක් ගතවූවත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට මෙතෙක් නොහැකි විය.