පාසැල් සිසුන් අපහරණය කළ ඉංග්‍රීසි ගුරුවරයාට උපරිම දඬුවම ලැබේවිද?

පාසැල් සිසුන් අපහරණය කළ ඉංග්‍රීසි ගුරුවරයාට උපරිම දඬුවම ලැබේවිද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා පාසැල් දරුවන් පිරිසක් අපහරණය කළ පෞද්ගලික උපකාරක පංති ඉංග්‍රීසි ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා විය.

මෙහිදී රටේ සියලු දෙමාපියන් හඬ නගා කිව්වේ මෙවැනි පුද්ගලයන්ට දිය හැකි උපරිම දඬුවම දියයුතු බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ ගාල්ල කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිණිය ලෙසය.

මෙය කාගේ වුවමනාවක් මත සිදු වුයේද යන්න මෙතෙක් හෙළිව නොමැත.

නමුත් ලංකාවේ අපරාධකරුවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වෙන ආකාරය පිළිබඳව ජනතාව ලෙස අපට ඇත්තේ දැඩි කල කිරීමකි.

මෙම අපරාදයේ බරපතල කම ඔබට යළි සිහිපත් කිරීමට කැමති.

ඔහු ඉංගී‍්‍රසි ගුරුවරයෙකු ලෙස පෙනී සිටිමින් රූපවාහිනි පසුතල නිර්මාණ ශිල්පියෙකු ලෙසද කටයුතු කර තිබේ. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කුඩා දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ සහ ජායාරූප ගෙන ඇමරිකාව ඇතුළු රටවල් 05ක විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇතැයි හෙළිවී තිබේ.

54 වන වියේ පසුවන මොහු විවාහ වී පසුව දික්කසාද වූවෙකු බවට අනාවරණය වී ඇත.

ඔහු 2012 වසරේ සිට අවුරුදු 8 ත් 15 ත් අතර වයසේ පිරිමි ළමයින් මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවටයි හෙළිවී තිබේ.

නිසි ලෙස ඉංගී‍්‍රසි උච්චාරණය පවා කළ නොහැකි මෙම සැකකරු කුඩා දරුවන්ට ඉංගී‍්‍රසි පන්ති පවත්වා ඇති නමුත් අපොස සාමාන්‍ය පෙළ පමණක් සමත් අතර ඔහුට ඉගැන්වීම සඳහා විශේෂ සුදුසුකමක් තිබී නොමැති බවට හෙළි වී ඇත.

ඔහු විසින් අපයෝජනයට ලක් කර ඇති කුඩා දරුවන් තුන්දෙනෙකුගෙන් පොලිසිය මේ වනවිටත් ප්‍රශ්ණ කර තිබේ.

එම දරුවන්ගේ දෙමව්පියන් ඉංගී‍්‍රසි පන්ති සඳහා තම දරුවන් සැකකරුගේ නිවසට ඇරලවා ගොස් ඇති නමුත් වැඩිදුර සොයාබැලීම් සිදුකර නැහැ.

තවද සැකකරු කුඩා ළමයින්ගේ නම් වලින් ෆේස්බුක් ගිණුම් විවෘත කර විවිධ පුද්ගලයින් සමඟ පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවද ඔහුගේ පරිගණක පරීක්ෂා කළ පොලිසිය අනාවරණය කර ගත්තේය.

මෙලෙස අපහරණයට ලක්වූ සිසුන්ගේ ජීවිතවලට එල්ල වන බලපෑම ඔවුන්ට මුළු ජීවිත කාලය පුරාම අමතක කළ නොහැකිමතකයක් වනු ඇත.

නමුත් මෙම අපරාධය සිදු කළ පුද්ගලයා ඇප මත හෝ නිදහස් වුව හොත් ඔහුගේ පෙර පුරුදු අත්හරිනු ඇති බව කාට සහතික විය හැකිද?

අපරාධකරුවෙකුට නිසි දඬුවමක් නොදෙනතාක් මෙරට අපරාධකරුවන් තව තවත් අපරාධකරනු ඇත.

69 ලක්‍ෂයකගේ මනාපයෙන් බලයට පත්වූ ජනාධිපතිවරයා හෝ මෙවැනි අපරාධ පිළිබඳව විශේෂ සොයා බැලීමක් නොකළ හොත් රටේ දරුවන්ගේ අනාගතයම අවධානමේ බව සියළු දෙමාපියන් සිතිය  යුතුය.

මෙලෙස නීතිය අවනීතිය බවට පත් කරන පිරිසක් යළිත් බලයට පත් කර හරින්නේද යන්න පිළිබඳව රටේ ජනතාව ලෙස අප යළි යළිත් සිතා බැලිය යුතු හොදම කාලයයි මේ.

CATEGORIES