FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ දින කොටස් වෙළෙඳපොළේ කටයුතු සීමා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ මැතිවරණය පැවැත්වෙන අගොස්තු 05 වන බදාදා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ පස්වරු 12.30 දක්වා පමණක් විවෘතව තැබෙන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.    

මේ අනුව 2020 අගෝස්තු 05 දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා පැය 1 1/2 ක කාලයකට පමණක් සීමා වනු ඇත.