FAST NEWS

24×7 Around the Globe

මාලි රාජ්‍යයේ රිය අනතුරකින් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | මාලි) –  මාලි රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 22 ක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.   

බස්රථයක් සහ ට‍්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම මාරාන්තික අනතුර සිදුවී ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

අධික වේගය සහ මාර්ග නීති කඩකිරිම අනතුරට හේතුව බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.

පසුගිය මාසයේ සිදුවූ තවත් රිය අනතුරකින් මාලි රාජ්‍යයේ විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.