යොවුන් ගායකයෙකු වන දසුන් මධුශාන් සහ ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අසන ලද ප්‍රශ්ණ වලට ඔවුන් ලබාදුන් පිළිතුරු මේ දිනවල සමාජ ජාල වල කතාබහට ලක්ව තිබේ. මේ සමග බොහෝ සමාජ ජාල පරිශීලකයන් ශනුද්‍රිගේ හා දිනක්ෂි ගේ Facebook පිටුවලට ඒ හා සම්බන්ධ comments එක්කොට තිබුණි.
එම Comments වලින් නොනැවතී ඇතැම් පිරිස් ශනුද්‍රි ගේ සහ දිනක්ෂිගේ Wikipedia පිටුද සංස්කරණය කොට තිබුණි. ශේශාද්‍රි ගේ විකිපීඩියා පිටුව ඉවත්කොට තිබුණි. මේවන විට එම පිටු යතා තත්වයට පත් කොට ඇති අතර පහතින් දැක්වෙන්නේ එම පිටු සංස්කරණය කොට තිබූ ආකාරයයි.











