හවුති අන්සාරුල්ලා ව්‍යාපාරයේ සහාය මත කටයුතු කරන යේමන හමුදා විසින් තවත් සවුදි අරාබි යුද නෞකාවක් විනාශ කර ඇතැයි වාර්තා වෙයි.
යේමන හමුදාව විසින් විනාශ කළ දෙවන සවුදි යුද නැව මෙය වන අතර යේමනයේ නිරිත දිග වෙරළ ආසන්නයේ බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ දී මෙම නෞකාවට පහර දී තිබේ.
රතු මුහුද හා ඒඩ්න් මුහුද සම්බන්ධ කෙරෙන බාබ් එල් මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය විසින් අරාබි අර්ධද්වීපය සහ අප්‍රිකාවේ අග වෙන් කෙරෙන නිසා එය උපාය මාර්ගිකව අතිශය වැදගත් ස්ථානයක් ලෙස සැලකේ.
යේමනයේ නිරිතදිග ටායිස් ප්‍රාන්තයේ ජනාවාස ප්‍රදේශයන්ට නිරන්තරයෙන් පහරදුන් තවත් සවුදි අරාබියානු යුද නෞකාවක් මේ මස 7 දා බාබ් එල් සමුද්‍ර සන්ධියේදීම විනාශ කරන ලදී.
මාරිබ් ප්‍රාන්තයේ දී යේමන හමුදා එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සවුදි සෙබළුන් ගණනාවක් මිය ගොස් ඇති අතර ආරක්ෂක රථ ගණනාවක් ද විනාශ වී ඇතැයි වාර්තා වෙයි.
මේ අතර සවුදි අරාබිය විසින් යේමනයේ දියත් කරන ලද ගුවන් ප්‍රහාර දිගින් දිගටම ක්‍රියාත්මක වන අතර මධ්‍යම බායිඩා ප්‍රාන්තයේ ප්‍රධාන බන්ධනාගාරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාරයෙන් අනතුරුව සිරකරුවන් ගණනාවක්ම අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි ද වාර්තා වන අතර මාර්තු 26 දා සිට සවුදි අරාබිය විසින් එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මේ වනවිට 6,400ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වෙයි.








