FAST NEWS

24×7 Around the Globe

ලුණු කර්මාන්තකරුවන් විශාල ගැටලුවක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලම ප්‍රදේශයට පසුගියදා බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් නෙලීමට සූදානම් කර තිබූ ලූණු තොග විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බව ලුණු කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන් පවසයි.

500 කට ආසන්න පිරිසක් ප්‍රදේශයේ අක්කර දහසකට ආසන්න භූමි ප්‍රමාණයක මෙම කර්මාන්තය පවත්වාගෙන යන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තමන්ට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බවයි.