FAST NEWS

24×7 Around the Globe

මෙරට මත්කුඩු ජාවාරමේ මුදල් ගැන හෙළිදරව්වක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුල ක්‍රියාත්මක මත්කුඩු ජාවාරමේ මුදල් තැම්පත්කෙරෙන්නේ එකම බැංකුවක බව හෙළි වෙයි.

මේවන විට පරීක්‍ෂණ සිදු කෙරෙන මෙරට ප්‍රධානපෙලේ සංවිධානාත්මක අපරාධකරුවන් රැසකගේ මුදල් තැන්පත් කර ඇත්තේ එකම බැංකුවක බව හෙළිව තිබේ.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ ඔවුන් එකම පුද්ගලික බැංකුවක මුදල් තැන්පත් කර ඇති බවයි.

එම සංවිධානවල එක් අයෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ විගස එම ගිණුම්වල මුදල් යළි ලබාගෙන එම ගිණුම් හිස් කර ඇති බවද අනාවරණය වී තිබේ.

මත්කුඩු ජාවාරමෙන් මෙම මුදල් උපයාගෙන ඇති බව හෙළිව ඇති අතර ඇතැම් අපරාධකරුවන් චෙක්පත් මගින් ලක්ෂ 1000ක්පමණ යළි ලබාගෙන ඇත.

එම ගිණුම් සම්බන්ධයෙන් ශාඛා කළමනාකරුවන්ගේ ඇති සම්බන්ධය පිලිබඳ පරීක්ෂණ පැවැත්වීමට ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් ලබා ගැනීමට නියමිතය.