FAST NEWS

24×7 Around the Globe

ජුලි මාසය තුළ තේ මිලේ වර්ධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජුලි මාසය තුළ මෙරට තේ මිල යම්කිසි වර්ධනයක් පෙන්නුම් කරන බව තේ ගැනුම්කරුවන් පවසයි.  

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වසරේ ගතවූ කාලයට සාපේක්ෂව එම මිල ඉහළ යාම පෙන්නුම් කෙරෙන බවයි.

පසුගිය මැයි මාසයේදී ද ශ්‍රී ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගියේය.

එහිදී තේ අපනයනකරුවන් සඳහන්කර සිටියේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියත් සමග බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බවයි.