ඉදිරියේදි පැවැත්වීමට නියමිත දේශීය ප්රිමියර් තරගාවලියේදී හා කලාපීය තරගාවලියේදී ක්රිකට් ක්රීඩකයන් වෙනුවෙන් කරනු ලබන ගෙවීම් වැඩි කිරීමට කටයුතු කර තිබේ.
ක්රිකට් අතුරු කමිටුව මෙම තීරණයට එළඹ ඇතැයි ක්රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම නව ගෙවිම් යටතේ ශ්රී ලංකා පළමු පෙළ ක්රීඩකයන්ට වසරකට රුපියල් මිලියනයක් දක්වා මුදලක් ඉපයීමට අවස්ථාව හිමිවනු ඇති.
ක්රිකට් ක්රිඩකයන්ට දීමනා වැඩිකර ඇති අයුරු –
ප්රිමියර් එක්දින තරගාවලිය – දිනකට රුපියල් 7,500
ප්රිමියර් තෙදින තරගාවලිය – දිනකට රුපියල් 7,500
ප්රිමියර් විස්සයි20 තරගාවලිය – දිනකට රුපියල් 7,500
කලාපීය එක්දින තරගාවලිය – දිනකට රුපියල් 25,000
කලාපීය සිවුදින තරගාවලිය – දිනකට රුපියල් 20,000
කලාපීය විස්සයි20 තරගාවලිය – දිනකට රුපියල් 15,000






