FAST NEWS

24×7 Around the Globe

නෙල්සන් මැන්ඩෙලාගේ දියණිය ජීවිතයට සමුදෙයි

(ෆාස්ට් නිව්ස් | දකුණු අප්‍රිකාව) –  දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ, දියණිය වන සින්ඩ්සි මැන්ඩෙලා අද (13) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

අසණීප තත්ත්වයක් මත රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර  මෙලෙස ජීවිතක්ෂයට පත්වූ ඇය මියයන විට ඇය 59 හැවිරිදි වියේ පසුවිය.

හිටපු ජනාධිපති මැන්ඩෙලාට දරුවන් හයදෙනෙකු සිටි අතර සින්ඩ්සි ඔහුගේ දෙවැනි දියණියයි.

සින්ඩ්සිගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් තවමත් දැනුම්දීමක් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.