FAST NEWS

24×7 Around the Globe

තවත් බොලිවුඩ් තරුවකගේ මවට සහ සහෝදරයාටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  ඉන්දීය ජ්‍යෙෂ්ඨ නළු අනුපම් ඛේර්ගේ මවට, සොහොයුරාට සහ නෑනාට මෙන්ම ඔවුන්ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. 

නමුත් අනුපම් ඛේර් ට වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකරන ලද PCR පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් වන ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.

මීට අමතරව ඊයේ දිනයේදී ඉන්දීය සුරූපී නිළි ඵෙෂ්වර්යා රායි හා ඇගේ දියණිය වන ආරාධ්‍යා හටත් , පෙරේදා දිනයේදී අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හටත් කොරෝනා වෛරසය වැළදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කළේය.