FAST NEWS

24×7 Around the Globe

අවු 05ක දැරියකට අතවර කළ පුද්ගලයෙක් සවල් පහරකින් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවු 05ක දැරියකට ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකුට සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10) රාත්‍රියේ පානදුර – මොරොන්තුඩුව ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේය.

දැරියගේ පස්වන උපන්දින සාදය ඊයේ රාත්‍රියේ පවත්වා ඇති අතර එම සාදයට පැමිණි පුද්ගලයෙක් දැරියට ලිංගික අතවර කරන බව දුටු ඇයගේ පියා සහ මාමා අදාල පුද්ගලයාට සවලකින් පහර දී තිබේ.

පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

සිද්ධිය සම්බන්ධ සැකකාර පියා සහ මාමා අත්අඩංගුවට ගෙන ඇති අතර මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.