FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරු මහ මැතිවරණය අදයි

(ෆාස්ට් නිව්ස් | සිංගප්පූරුව) –  සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිංගප්පූරු මහ මැතිවරණය අද (10) ආරම්භ කරනු ලැබීය.  

ඒ අනුව මිලියන 2.65 ක් වන සිංගප්පූරු ඡන්ද දායකයන් මුව ආවරණ සහ අත්වැසුම් පැළඳ ඡන්දය සලකුණු කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ට විනාඩි 5 ක කාලක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර, ස්වයං පරීක්ෂාවට ලක් කෙරෙන හැඳුනුම්පත් ලබාදී තිබේ.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණය පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වීමෙන් පසු ආසියාකරයේ පැවැත්වෙන දෙවන මැතිවරණය මෙයයි.

සිංගප්පූරුවේ කොවිඩ් 19 ආසාදිතයන් 45,000කට වැඩි සංඛ්‍යාවක් සිටිය ද මරණ සංඛ්‍යාව 26 ක් පමණක් වන අතර එය ලොව අඩුම කොවිඩ් නයින්ටීන් මරණ අනුපාතය ලෙස සැලකෙයි.