FAST NEWS

24×7 Around the Globe

කොරෝනාවේ අතුරුඵලයකින් දිනකට 12,000 ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර සහන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් සංවිධානය විසින් කොරෝනා වෛරසය හේතුවෙන් මෙම වසර අවසානය වනවිට දිනකට පුද්ගලයන් 12,000 ක් පමණ කුසගින්න හේතුවෙන් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක් කර තිබේ.

එය කොරෝනා වෛරසය හේතුවෙන් දිනකදී සිදුවන මරණ සංඛ්‍යාවටත් වඩා වැඩිවනු ඇති බවට අනාවැකි පළවේ.

යුධ ගැටුම් පවතින යේමනයට මෙහි වැඩිම බලපෑමක් එල්ලවනු ඇතැයි සැළකේ.

තවද කොංගෝ , ඇෆ්ඝනිස්ථානය , වෙනිසුවේලාව , ඉතියෝපියාව , දකුණු සූඩානය සහ සිරියාවටද බලපැම් එල්ලවනු ඇතැයි සඳහන් වේ.