FAST NEWS

24×7 Around the Globe

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩුකරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ ( 08) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.  

ඒ අනුව නව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 4.5 % ක් වන අතර , ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය 5.5 % ක් ලෙස දැක්වෙයි.

ස්ථාවර නිකුතු අනුපාතය සමඟ සැකසෙන බැංකු පොලී අනුපාතය 8.5 % ක් වන බව ද මහ බැංකුව සඳහන් කරයි.

එමෙන්ම ස්ථාවර සංචිත අනුපාතයද 2 % ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇත.