කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සොයා ගැනීමක්

කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සොයා ගැනීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කොරෝනා වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට පිළිගත හැකි සාක්ෂි පවතින බවට පෙන්වා දෙයි.

රටවල් 32 කට අයත් විද්‍යාඥයන් 239 දෙනෙකු සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණ වී ඇති බවයි විදෙස් පුවත්පතක වාර්තාකර තිබේ.

ඒ සඳහා වන විද්‍යාත්මක ප්‍රකාශනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතයි.

වාතය හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති මතය සංශෝධනයට ලක් කිරීමට එම සංවිධානය වහාම පියවර ගත යුතු බව අදාළ විද්‍යාඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

CATEGORIES