FAST NEWS

24×7 Around the Globe

ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවූ ළාබාලතම මරණය වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.   

11 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර , එම ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා රෝහල් ගත වී දින 5 කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ වන විට අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛරසය ආසාදනය වීමෙන් අමෙරිකාවේ සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 10,992,462 ක් ලෙස වාර්තා වෙයි.