FAST NEWS

24×7 Around the Globe

මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදුවු බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද පෙරවරුවේ පැමිණ සිටියේය.  

කෙසේ වෙතත් මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

මහේල පවසන්නේ අද දිනයේ නොපැමිණෙන ලෙස තමා දැනුවත් කර නොතිබූ නිසා විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි බවයි.

වෙනත් කටයුත්තක් යෙදී තිබීම හේතුවෙන් ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කරයි.