FAST NEWS

24×7 Around the Globe

ඉරානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ගෑස් කාන්දුවකින් 19 ක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | ඉරානය) – ඉරානයේ උතුරු ටෙහෙරාන් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මිය ගිය පිරිස අතර කාන්තාවන් 15 දෙනෙක් වන බව ද එම වාර්තාවල සඳහන් වෙයි.

මෙම පිපිරීමත් සමග අදාළ ප්‍රදේශයේ දැඩි දුමාරයක් පවතින බව ඉරාන බළධාරීන් පවසයි.