FAST NEWS

24×7 Around the Globe

උපුල් තරංග විශේෂ පොලිස් ඒකකයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ක්‍රීඩක උපුල් තරංග ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ තිබේ.  

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දී ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමතටයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එවක තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ඊයේ (30) දිනයේ පැය පහමාරක ප්‍රකාශයක් ලබාදුන්නේය.

ඊයේ පස්වරු 2 සිට රාත්‍රී 8 දක්වා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැණුනු බව පොලිසිය සඳහන් කළේය.