ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (14දා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගැනීමට මිලින්ද සිරිවර්ධන සමත්විය. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 131 වැනි ක්‍රීඩකයාය.
ශ්‍රී ලංකා කණ්ඩායම
1.කෞෂාල් සිල්වා 2. දිමුත් කරුණාරත්න 3. ළහිරු තිරිමාන්න 4. දිනේෂ් චන්දිමාල් 5. ඇන්ජලෝ මැතිව්ස් (නායක) 6. මිලින්ද සිරිවර්ධන 7. කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), 8. ධම්මික ප්‍රසාද් 9. තරිඳු කෞෂාල්, 10. රංගන හේරත්, 11. නුවන් ප්‍රදීප්
කොදෙව් කණ්ඩායම
1.ක්‍රෙග් බ්‍රාත්වෙයිට්, 2. ශායි හෝප්, 3. ඩැරන් බ්රාවෝ, 4. මාලන් සැමුවෙල්ස්, 5. ජෙමේන් බ්ලැක්වුඩ්, 6. දිනේෂ් රම්දින් (කඩුලු රකින්නා), 7. ජෙසන් හෝල්ඩර් (නායක), 8. ඩ්වෙන්ද්ර බිෂෝ, 9. ජෙරම් ටේලර්, 10. කෙමර් රොච්, 11. ශානොන් ගේබ්‍රියල්






