FAST NEWS

24×7 Around the Globe

අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත අද (30) කැඳවා තිබේ. 

සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිටි ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත අරවින්ද ද සිල්වා පස්වරු 2ට පෙනී සිටිමට නියමිත බව වාර්තා වෙයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරඟය පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.