(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාරාහේන්පිට පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු අද(25) උදෑසන ගෙළවැලලාගෙන මිය ගියේය.
මෙලෙස මියගොස් ඇත්තේ රේගු සේවකයෙකු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔහු ක්‍රෙඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
32 හැවිරිදි ඔහු සපත්තුවක ලේස් පටියක් උපයෝගී කරගෙන මෙලෙස ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි.









