FAST NEWS

24×7 Around the Globe

ග්‍රීන් කාඩ් තාවකාලිකව නවත්වයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට සංක්‍රමණ නීති දැඩි කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වසර අවසන් වන තෙක් එරට රැකියා සඳහා ඉල්ලුම් කරන ශ්‍රමිකයින් වෙත වීසා බලපත්‍ර නිකුත් නොකිරීම සහ පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන විදේශීකයින් වෙත “ග්‍රීන්කාඩ්“ නිකුත් නොකිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරීන් සහ තාක්ෂණ සේවකයින් ඇතුළු රැකියාවල නිරතවන විදෙස් ශ්‍රමිකයින් හට වීසා බලපත්‍ර නිකුත් නොකෙරෙනු ඇත.

අමෙරිකාව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් එරට රැකියා අහිමි පුරවැසියන්ගේ රැකියා උත්පාදනය සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.