FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවධානම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අඟවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය තවමත් ලොව රට වල වේගයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් පවසන්නේ කොවිඩ් – 19 ගෝලීය වසංගතය මේ වන විට සෞඛ්‍යමය අර්බුදයක සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි.

ඔහු  මේ බව සඳහන් කළේ ඩුබායි හි සංවිධානය කර තිබූ අන්තර්ජාල සෞඛ්‍ය සංවාදයකට එක්වෙමිනි.

එය රටවල් රැසක ආර්ථික, සාමාජීය හා දේශපාලනමය අර්බුදයක් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගෝලීය වසංගතය බෙදුණු ලෝකයක පරාජය කිරීම දුෂ්කර කාර්යයක් බවයි.