FAST NEWS

24×7 Around the Globe

ජපානයේ පණවා තිබූ සියලුම සංචරණ සීමා ඉවත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොවිඩ් 19 වසංගතය හමුවේ ජපානය තුළ පණවා තිබූ සියලුම සංචරණ සීමා ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇත.   

ඒ අනුව ස්ථාන නැරඹීමට , ප්‍රසංග සඳහා සහභාගීවීමට සහ අනෙකුත් විනෝදාස්වාදය පදනම් කරගත් ඉසව් සඳහා අවසර හිමිවන බව එරට අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතා නිවේදනය කළේය.

කෙසේවෙතත් එක් වරකදී ඒ සඳහා සහභාගී කරවාගත හැකිවනුයේ උපරිම 1000 ක පිරිසක් පමණයි.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 8570,000 ඉක්මවා තිබේ.

කොරෝනා මරණ 455, 578 ක් ද මේ වනවිට වාර්තා වන අතර , සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4509,200 ක් ලෙස වාර්තා වෙයි.