FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව සහ හොංකොං අතර මුහුද යට කේබල් ව්‍යාපෘතිය අතහැර දමයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) –  ඇමරිකාව සහ හොංකොං අතර මුහුද යටින් දිවෙන දත්ත කේබල ව්‍යාපෘතියක් අතහැර දැමීමට ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

චීනය විසින් දත්ත සොරාගනු ඇති බවට වන අවධානම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

පැසිෆික් ලයිට් නම් මෙම කේබල ව්‍යාපෘතියට ගූගල් සහ ෆේස්බුක් ආයතන විසින්ද දායකත්වය සපයන බවට සඳහන් වන අතර , අන්තර්ජාල වේගය සහ ධාරිතාවය ඉහළ නැංවීම එහි ප්‍රධාන අරමුණ විය.

කෙසේවෙතත් ජාතික ආරක්ෂාව සම්බන්ධ කරුණු මත පදනම්ව මෙම ව්‍යාපෘතිය අතහැර දමන බව අමෙරිකාව සඳහන් කර තිබේ.

එමෙන්ම , ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ජනාධිපති ෂී ජිංපින් ගේ සහය ලබාගැනීමට උත්සාහ කල බව ඇමරිකා ජනාධිපතිවරයාගේ හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් රචිත නවතම ග්‍රන්ථයෙහි ඇතුළත් කර තිබේ.

පිටු 577 කින් සමන්විත මෙම ග්‍රන්ථයේ ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා රැසක් පිළිබඳ හෙළිදරව් කිරීම් අන්තර්ගතව ඇත.