සංචාරක පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිළ සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළ අතර හම්බන්තොට – සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින ක්‍රිකට් තරඟය ඊයේ (12)ජය පැරදුමෙන් තොරව අවසන් විය.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළ පළමු ඉනිම සඳහා ලකුණු 305ක් රැස් කළේය.
දෙවන ඉනිමට කඩුලූ 5ක් දැවී ලකුණු 119ක් ලබා සිටියේය.
පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ පිළ පළමු ඉනිම සඳහා ලකුණු 252ක් ලබා ගත්තේය.
මේ අනුව තරඟ දෙකකින් යුත් ශ්‍රී ලංකා – පාකිස්තාන යොවුන් ටෙස්ට් තරඟාවලිය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.






